anura-kumara-dissanayaka

අනුර කුමාර දිසානයක ජනපති කිරීමෙන් වැටුප් වැඩිකර ගත හැකි

වැඩවර්ජන පිටුපස සිටින ජනතා විමුක්ති පෙරමුණේ එකම අභිප්‍රාය රට අස්ථාවර කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රට අස්ථාවර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බව පවසන ඒ මහතා අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්කිසි සුබවාදී මට්ටමක පවතින බව ද ඒ හේතුවෙන් රට අස්ථාවර කිරීම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වී තිබෙන බව ද පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ වැඩවර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති කිහිපයක ඉල්ලීමට අනුව රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ නම් වසරකට රුපියල් කෝටි 40,000ක (බිලියන 400ක) අතිරේක වැයබරක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදුවන බවයි.

Read More
daruwange wadawarjanaya anduru

දරුවන්ගේ අනාගතය අඳුරු කරන වැඩ වර්ජන එපා. – ලාල් කාන්ත

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (08) විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමින් ලාල්කාන්ත මහතා මෙසේ ද පැවැසුවේය.

Read More