SL Politics
රනිල් ට සහය නොදෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ පටි ගැලවෙන ලකුණු
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති…
D.G ත් R ට
මෙවර ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) තීරණය කළේය.
රට ගැන සංවේදී වූ සිරිපල රනිල්ගේ ඔඩොක්කුවට පනී.
මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණ කරනු ලැබුවේ රට ගැන සිතමින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
මේ තීරණය ගැනීමේදී පක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ පැය හතරකට වැඩි කාලයක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් ජනාධිපතිවරයාට සහාය දීමට සියලුදෙනා එකඟතාවට පැමිණි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එලියට වැඩිය ඥාණසාර හිමි පාස්කු ප්‍රහාරය ගැන කල දෑස් තෙමන දේශනාව
බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත් පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් ඊයේ (22) පැවැසූහ.