රනිල් ට සහය නොදෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ පටි ගැලවෙන ලකුණු
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති…
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති…
රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පෙරේදා (21) පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි.
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හෝටලයක් පවත්වාගෙන යමින් තේ කෝප්පවලට දමා ඉතා රහසිගතව කසිප්පු අලෙවි කළ ව්‍යාපාරිකයකු සහ හෝටල් සේවකයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝටලයේ තේ හදන ස්ථානය අසල රටබීම බෝතල්වලට කසිප්පු පුරවා තබාගෙන ගැනුම්කරුවන් පැමිණි විට අඬු කෝප්පවලට දමා ඒවා අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම හෝටලය පෙරවරු 5.00 ට විවෘත කරන බවත් එළවළු හා පලතුරු තොග ලොරිවලින් මධ්‍යම වෙළෙඳපොළේ වෙළෙඳසල් වෙත රැගෙන යන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය කිරීමට හුරුවී තිබෙන බවත් පොලිසිය පවසයි.
කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් පමණ වන පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබෙයි.
11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙක් ගැන මේ අසන්නට ලැබෙන්නේ ඒ තරම් හොඳ ආරංචියක් නෙවෙයි..
තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායෙන් මේ කතාව ඇසුණා..
එම වතුයායේ ලුසා කොටසේ පදිංචි පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) දින සිට අතුරුදන් ව ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා…
කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත්බව කියන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය කියයි.
පොලිස් කාන්තාවක දියනාමින් සිටියදී ඇයට හොරෙන් එය වීඩියෝ ගත කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ළිදුල පොලිසිය පවසනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
පාතාලයේ වෙඩි තැබීම්වල කිසියම් අඩු වීමක් දක්නට ඇතත්, අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වී තිබෙන උනුන් මරා ගැනීම් තවමත් නිමා වී නැති සැටියෙකි.