පොදු පෙරමුණ ඇතුළු පක්ෂ රැසක සහය පරිනත දේශපාලනඥයෙකුට
රට විශාල පරිහානියකට පත්ව සිටි අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය තම දෑතට ගත් වත්මන් ජනාධිපතිවරයා මෙවර පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර පොදු පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එතුමාට සහාය දීමට සූදානම්ව සිටින්නේ යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කිරිඳිවැල, හේනේගම, ඌරුවල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.