සමඟි වනිතා බලවේගයේ නායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑම ඇතුළු චෝදනා 18කට වැරදිකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයට බරපතළ වැඩ සහිතව වසර 33ක සිර දඬුවමක් නියම කර, එය වසර 3කින් ගෙවෙන ලෙස ඊයේ (28) දඬුවම් නියෝග කළේය. මීට අමතරව රු. 3,60,000ක දඩ මුදලක් නියම කර, එය නොගෙවන්නේ නම් චෝදනාවකට මාස 6 බැගින් ලිහිල් සිරදඬුවමක්ද නියම ඇයට නියම කෙරිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව අධිචෝදනා 19ක් ඉදිරිපත් වූ අතර, එයින් එක් චෝදනාවක් හැර සෙසු සියලු චෝදනාවලට ඇය වැරදිකරු බව තීරණය විය