සජිත් වෙනුවට රංගේ බණ්ඩාර ඇප මුදල් භාරදෙයි.
ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරණායක මහතා ද ඊයේ (31) ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයන් ගණන 6ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.