එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ ඒ මහතාගේ බිරිය වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ ගිහාන් පෙරේරා මහතාත් ලබා ගත්හ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමුවී ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළට සහ ආර්ථික වැඩපිළිවෙළට සහාය දක්වමින් ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් සහාය දැක්වීමට සූදානම් බවද මෙහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියහ.
මේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාද එක්ව සිටියේය.