2024 ජුලි 17 එනම් අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සභාපති R.P.A. විමලවීර මහතා විසින් විදේශ රැකියා කාර්යංශය වෙත ලිපියක් යොමු කර ඇත. මෙහි සඳහන් වනුයේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයට ගොදුරු වූ අවස්ථාවේදී ආර්ථික අර්බුධය තුරන් කිරීම සඳහා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට විදේශ විනිමය සැපයීම අගයකොට ඔවුන් වෙනුවෙන් “විගමනික හරසර ” නමින් වන වැඩසටහනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය වන බවත් එම වියදම් පියවා ගැනීම සඳහා චෙක් පතක් මාර්ගයෙන් මුදල් නිකුත් කරන ලෙසත් ය.
මැතිවරණ සමයක මෙන්ම ජනතාව ඉතා අපහසු ආර්ථික කොන්දේසි යටතේ දෛනික ජීවිතය ගත කරන අවස්ථාවක මෙවැනි ලෙස ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් මැතිවරණය අරමුණු කරගත් ව්‍යාපෘති රජය විසින් සිදු කිරීම සුළුපටු ලෙස සලකා බැලීමට හැකියාවක් නැත. මෙහි අරමුණ සැබෑ ලෙස සලකා බැලීමේදී පෙනී යන්නේ, මෙම වැඩසටහන දියත් කරනුයේ සමාජයේ මුල්බැසගත් අදහසක් වූ “අර්බුධය අවස්ථාවේදී මෙරටට ඩොලර් එවන්න එපා යයි” කියූ අදහසට ප්‍රති තර්කනයක් ඉදිරිපත් කිරීමට මනුෂ නානායක්කාර විසින් සැලසුම් කරන වැඩ සටහනක් බවත් මෙහි සම්පුර්ණ වියදම රු.මි.400ක් බවත් මින් රු.මි.200ක් ප්‍රවර්ධන වැඩ කටයුතු සඳහා වෙන් කර ඇති බවත් අනෙක් රු.මි.200 යොදා ගනිමින් මෙවැනි වැඩ සටහන් 5ක් රට පුරා විවිධ ස්ථාන වල සිදු කරන බවත් පළමුවෙනි උත්සවය කුරුණෑගල ප්රදෙශියේදී සංවිධානය කරන බවත් විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.