වේළුගේ පැණයට ප්‍රසන්න උත්තර බදී.

වේළුගේ පැණයට ප්_රසන්න උත්තර බදී.

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුය යන ස්ථාවරයේ ආණ්ඩුව තවමත් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වේළු කුමාර් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේළු කුමාර් මහතා මෙසේද පැවසීය.

මැයි 01 වැනිදා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ වැටුප පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජනාධිපතිතුමා කොටගල රැස්වීමකට සහභාගි වෙලා රුපියල් 1700කින් පඩි වැඩි කරනවා කියලා පොරොන්දුව ලබාදුන්නා. ඒ ගැසට් පත්‍රය නැවත මැයි මස 21 වැනිදා සංශෝධනය කර තවත් ගැසට් පත්‍රයක් නිකුත් කළා. පසුගිය ජූනි 10 වැනිදා සියලු ගැසට් පත්‍ර ටික අවලංගු කරලා තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මම අහන්නේ කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා. පසුගිය සතියේදී ඉරානයේ අපේ රටට තිබුණ ඩොලර් ණයවලින් 60% පමණ තේ අපනයනය කිරීමෙන් අපට ගෙවා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. අපේ රටට අද ඩොලර් ගෙ‍ෙනන ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකට වැටිලා තියෙන්නේ. ගැසට් පත්‍රය අවලංගු කරලා රජයේ ස්ථාවරත්වය මොකක්ද?

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

රජයේ ස්ථාවරත්වය වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි කියන එක. ඒ නිසා තමයි ආණ්ඩුව මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කළේ. හාම්පුත්තු අධිකරණයට ගිහිල්ලා නඩුවක් පවතින නිසා මට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න බෑ. රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ. අපි ඒ ස්ථාවරයේම ඉන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *