වර්ජන ගැන ධම්මානද හිමිගෙන් ජී.එල් ට අනුශාසනා

වර්ජන ගැන ධම්මානද හිමි

ජනතාව පීඩාවට පත් කරමින් අඛණ්ඩව සිදු කෙරෙන උද්ඝෝෂණ හා වර්ජන පසුපස කිසියම් වූ දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද මේ සම්බන්ධව ජනතාව කල්පනාකාරී විය යුතු යැයිද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.

රජයේ සේවකයන්ට ජීවත්වීම සඳහා සාධාරණ වැටුපක් ලැබිය යුතු බවට තර්කයක් නොමැති වුවත් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට පෙර රටේ තිබෙන ආර්ථික තත්ත්වය හා පොදුජන ජීවිතය සම්බන්ධයෙන් ද ඔවුන් කල්පනා කර බැලිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (08) පෙරවරුවේ උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ ධම්මානන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ක්ෂේත්‍ර ජන ජීවිතයට ඍජුව බලපාන බවත් මේවාහි රැකියා කරන පිරිස් වෘත්තිය අයිතිවාසිකම් හා අණපනත් මගින් ලැබී තිබෙන අයිතීන් ඔස්සේ කටයුතු කරන්නට යාමෙන් ජන ජීවිතය අවුල් වන බව තේරුම් ගත යුතු බවත් කී ලේඛකාධිකාරි නාහිමියෝ වැටුප් ලෙස වැඩි කිරීමට රජය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා වක්‍රාකාරයෙන් යළිත් ජනතාව මත බදු බර පැටවිය යුතු බව ද අවධාරණය කළේය.

භාණ්ඩ හා සේවා මත පනවන බදු ගොවිතැන්, ස්වයං රැකියා කරන අය මත මෙන්ම දෛනික රැකියා කරන අහිංසක ජනතාව මත ද පැටවෙන බවත් රජයේ රැකියා කරමින් උද්ඝෝෂණ, විරෝධතා කරන අය මේවා ගැන ද කල්පනා කර බැලිය යුතු බවත් උන්වහන්සේ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *