මේ වනවිට වසර දෙකක් පුරා ඇදීයන යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් කැමැත්ත පල කර ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. යුක්රේනයේ මෙම යෝජනාව පිළිබඳව රුසියාවේ අවිශ්වාසය පල වී ඇති අතර මිට පෙර ස්විස්ටර්ලන්තයේ පැවැත් වූ සාම සාකච්චා සඳහා රුසියාවට ආරාධනා නොකිරීම නිසා චීනයද එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ වෙතත් දෙරට අතර යම් එකඟතාවයක් ඇති කර ගැනීමට යුරෝපා සංගමයේ නව සභාපති දූරයට පත්වී ඇති හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් පසුගිය සතියේ මොස්කව් හි සංචාරය කරමින් සිදු කල උත්සාහය යුරෝපා කොමිසමේ සභාපතිනිය හා අනෙකුත් සාමාජික රටවල් තරයේ හෙලා දැක ඇත.
යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම සාම සාකච්ඡා සඳහා උත්සාහය වසර දෙකකට වැඩි කාලයක් පුරා ඇදී යන ගැටුම තුලදී ප්‍රථම වතාවට සිදු වූ ඉල්ලීමක් වන අතර මීට පෙර යුක්රේනයේ ස්ථාවරය වූයේ අල්ලාගත් ප්‍රදේශ පහ තුලින් රුසියානු හමුදා ඉවත්කර ගන්නා තුරු කිසිදු සාම සාකච්චාවකට තමන් එකඟ නොවන බවයි. නමුත් මෙවර යුක්රේනය සාමය සඳහා වූ මූලික සැලසුමක් ලෙස ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් මත සාකච්චාවන් සිදු කිරීමට කැමත්ත පළකර ඇත : එනම් ගුවන් ප්‍රහාර හේතුවෙන් අඩපන වී ඇති යුක්රේන බල ශක්ති අර්බුධය විසඳීම, තිරිඟු අපනයනයන් සඳහා කළු මුහුදේ නිදහස් නාවිකකරනයට ඉඩ ලබා දීම, සිර කරුවන් හුවමාරු කර ගැනීම යන කාරණා තුන ඉදිරිපත් කර ඇත. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට සමගාමිව මෙම සාකච්චා පැවත් වීමට යුක්රේනය අපේක්ෂා කරනු ලබයි.
විශේෂයෙන් ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමග ඔහුගේ ජයග්‍රහණය තහවුරු වීමත්, යුරෝපා සංගමයේ බොහෝ රටවල විශේෂයෙන් පසුගිය යුරෝපා මහා මැතිවරණයෙන් පසුව යුරෝපා පාර්ලිමේන්තුව තුල ට්‍රම්ප් හා පුටින් හිතැති අන්ත දක්ෂිණාංශික මන්ත්‍රීවරුන් ඉහල යාමත් මෙම නව තත්වය ඇතිවීමට හේතු වී ඇත. ට්‍රම්ප් විසින් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනයට අයත්ව තිබු ක්රීමේ දූපත හා ඩොන්බාස් ඇතුළු ඈඳා ගන්නා ලද ප්‍රදේශ රුසියාවට ලබා දෙන ලෙසත්, රුසියාව සමග සාම ගිවිසුමක් අත්සන් කරන ලෙසත් ඉල්ලනු ඇතැයි ද යුරෝපා සංගමයේ නායකයින් පසුගිය ජුනි මාසයේ පැවැත්වූ යුක්රේනය කැඳවූ සාම සමුළුවේදී අදහස් පල කර තිබුණී. මෙම සමුළුවේදී ඇමරිකානු උප ජනාධිපතිනිය කමලා හැරිස් විසින් ඩොලර් බිලියන 1.5ක්ද යලි යුක්රේනයට අනුමත කරන ලදි.
කෙසේවෙතත් ඇමරිකාවේ පලවන The Washington Post සඟරාව පවසා සිටිනුයේ තමන් නැවතත් ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් පැය 24ක් ඇතුලත යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීමට පියවර ගන්නා බවට ට්‍රම්ප් තම සමීපතමයන්ට පවසා ඇතිවා පමණක් නොව එම සැලසුම යුක්රේන ජනාධිපතිවරයාටද දන්වා යවා ඇති බවයි. මේ අතර යුක්රේන-රුසියානු ගැටුම අවසන් කිරීම සඳහා මොස්කව් හි සංචාරය කල හංගේරියානු ජනාධිපති වික්ටර් ඔර්බන් පසුව ඇමරිකාවට ගොස් ට්‍රම්ප් හමුවීම හා චීනයේ සංචාරය කිරීම ද යුරෝපා සංගමයේ දැඩි සැකයට භාජනය වී ඇත. වික්ටර් ඔර්බන්ගේ මෙම හදිසි සංචාර හේතුවෙන් යුරෝපා සංගමයේ ලිබරල් මූල්‍ය තීරණ ගනු ලබන එහි විධායක ආයතනය වන යුරෝපා කොමිසමේ සභාපතිනිය වන උර්සුලා වොන්දෙර් ලේයන් හංගේරියානු අගමැති වරයා සහභාගී වන කිසිදු නිල උත්සවයකට සහභාගී නොවන බව දන්වා ඇත. යුරෝපා සංගමය තුල මෙම ජුලි මස සිට මාස 6ක කාලයක් දක්වා එහි සභාපති ධූරය හොබවනුයේ හංගේරියානු අගමැති වික්ටර් ඔබන් විසිනි. මීට පෙර ද හංගේරියානු අගමැති වරයා විසින් යුක්රේනයට ආයුධ හා මුදල් ලබා දීම සඳහා වූ යුරෝපා සංගම් යෝජනා වලදී ද තම නිශේධ බලය යෙදවීම නිසා ප්‍රංශය හා ජර්මනියේ දැඩි උදහසට ලක් වී තිබිණි.
කෙසේවෙතත් දේශපාලන නිරීක්ෂයින් පෙන්වා දෙනු ලබනුයේ යුක්රේන ජනාධිපති Volodymyr Zelensky, සියළුම පැති වලින් මේ වන විට පීඩනයට පත් වී ඇති නිසා 2022 වසන්ත කාලයෙන් පසු පළමු වතාවට රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා දොර විවෘත කිරීමට අකමැත්තෙන් හෝ තීරණය කර ඇති බවයි. ජූනි මස මැද භාගයේ ස්විට්සර්ලන්තයේ සංවිධානය කරන ලද යුක්රේනයේ සාමය පිළිබඳව වූ සමුළුවට රාජ්‍ය නායකයින් රාශියක් සහබාගි වූ නමුත් රුසියාව බැහැර කර පැවැත් වූ එම සමුළුවෙන් අපේක්ෂිත අරමුණු ඉටු වූයේ නැති බව චීනයද ප්‍රතිචාර දක්වා තිබිණි.
යම් විදිහකින් ට්‍රම්ප් ජනාධිපති වී පැය 24ක් ඇතුලත ඇමරිකානු යුධ ආධාර නතර වුවහොත් සමස්ථ යුක්රේනයම රුසියානු හමුදා ග්‍රහණයට ලක් වීම නතර කල නොහැකි වනු ඇති බව යුධ විශේඥයයන්ගේද මතයයි. 2024 ජුලි 11 වැනිදා ඇමරිකානු රහස් ඔත්තු සේවා වාර්තාවක් උපුටා දක්වමින් CNN මාධ්‍ය සේවය සඳහන් කර සිටියේ යුක්රේනයට කාල තුවක්කු උණ්ඩ සපයන ජර්මානු ප්‍රධාන ආයුධ නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන RHEINMETAIL හි අධ්‍යක්ෂක ARMIN PAPPERGER ඇතුළු ප්‍රධානීන් කීපදෙනෙකු මරා දැමීමට රුසියානු ඔත්තු සේවය මේ වන විට ජර්මනියට පැමිණ ඇති බවයි.
“ස්විස්ටර්ලන්තයේ පැවැත් වූ පළමු සාම සමුළුව කිසිසේත්ම සාම සමුළුවක් නොවේ. එබැවින්, පැහැදිලිවම, ඔහු (සෙලෙන්ස්කි මහතා) එයින් අදහස් කරන්නේ කුමක්දැයි අප මුලින්ම තේරුම් ගත යුතුය, ”රුසියානු ජනාධිපති මන්දිර ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්, එරට Zvezda නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එයට ප්‍රතිචාර ලෙස සඳුදා යුක්රේන ජනාධිපති Volodymyr Zelensky යලි කියා සිටියේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් තුල ජිවිත දහස් ගණනක් අහිමි වූ මහා පරිමාණ ගැටුමකින් පසුව, “සාධාරණ සාමයක්” සඳහා “සැලැස්මක්” නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට තමන් බලා පොරොත්තු වන බවත් මෙම සාම ක්‍රියාවලියේදී තමන් මොස්කව් නුවරට වුවද පැමිණීමට එකඟත්වය පල කරන බවයි.
මේ වන විට රුසියාව විසින් තවමත් යුක්රේන භූමියෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටි. සොල්දාදුවන් සහ උපකරණවල විශාල අලාභයක් සිදු කර ගනිමින් රුසියානු හමුදාව වැඩි මිනිස් බලයක් සහ වැඩි වෙඩි බලයක් සහිතව යුක්රේනයේ නැඟෙනහිර ප්‍රදේශ සෙමින් අල්ලා ගනිමින් සිටින බව ද බටහිර යුධ වාර්තා සඳහන් කරයි.
Volodymyr Zelenskyගේ නායකත්වයෙන් යුත් යුක්රේනය, 2014 දී මොස්කව් විසින් ඈඳා ගන්නා ලද ක්රිමියානු අර්ධද්වීපය ඇතුළුව අල්ලාගෙන සිටින සියලුම ප්‍රදේශයන්හි යුක්රේන ස්වෛරීභාවය නැවත ලබා ගැනීමට ඇති ආශාව නිරන්තරයෙන් පුනරුච්චාරණය කරනු ලබයි. එසේම රුසියානු හමුදා විසින් ඈඳා ගන්නා බව කියන ප්‍රදේශ පහ යුක්රේනය විසින් අත් නොහරින තාක් සහ නේටෝව ඇතුළු බටහිර සමග ඇති යුධ සන්ධානය අත් නොහරින තාක් කල් ක්‍රෙම්ලිනය පාර්ශ්වයෙන් කිසිදු සාම සාකච්ඡාවක් කිව් පාලනය සමග පැවැත්වීම රුසියාව විසින්ද ප්‍රතික්ෂේප කර ඇත.