ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත පොතුවිල් පදිංචි පුද්ගලයෙකි. කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වැනි පටුමඟ හන්දිය අසලදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන ඇත
සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වී.අයි.පී. රථ පෙළක් සියැසින් දැක නැති බැවින් වීඩියෝගත කළ බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.