ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.

ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සිය එක් දින ශ්‍රී ලංකා සංචාරය නිමා කර ඊයේ (20) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එතුමා සමග එරට විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සහභාගී වී සිටියහ .

එම පිරිසට සමු දීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *