මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ලැබිය යුතු උසස්වීම ද මෙ වන විට නතර කර ඇතැයි කී ඒ මහතා එය ඔහුට කරන අවසන් පලිගැනීම ලෙස සිතිය හැකි යැයි ද කීය.
ශානි අබේසේකර මහතා අනිතික ලෙස අත්අඩංගුවට ගෙන මාස එකොළහක් සිරගත කොට සිටි බවත් එම නිසාම ඔහුගේ උසස් වීම්නුදුන් අතර නිදහස් වීමෙන් පසුව ඒ මහතා මේ වන විට මූලික අයිතිවාසිකම් පෙස්සමක් අධිකරණය වෙත යොමුකර ඇති බවද පැවසීය.
ඒ අතරතුර තමාට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස අබේසේකර මහතා බලධාරීන් ගෙන් ඉල්ලා සිටි බවත් එහිදී ඔහුට පොලිස්පතිවරයා කියා ඇත්තේ මේ වනවිට ගොනුකර ඇති අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගතහොත් උසස් වීම් ලබා දිය හැකි බවය එහෙත් අබේසේකර මහතා ඊට එකඟ නොවී මිනිසා පසුගියදා පොලිස් කොමිසම ඒ මහතාට ලිපියක් එවමින් කියා ඇත්තේ උසස්වීම් දිය නොහැකි බවයැයි සෙනවිරත්න මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරාන් පිළිබඳව විමර්ශනය කළ කණ්ඩායමකට ආපසු හැරී එන ලෙස අබේසේකර මහතා නියෝග කළ බව සඳහන් ප්‍රකාශයද අමූලික බොරුවක් යැයි හෙතෙම කීය.
බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී මෙම මධ්‍ය හමුව පැවැති අතර ිඑහිදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි පියනන්ද මහතාද අදහස් දැක්වීය.