රනිල්ගේ තීරණය රවීගේ කටින් එලියට පනී.

රනිල්ගේ තීරණය රවීගේ කටින් එලියට පනී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය ජනපති අනිද්දා (26) රටට ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූනි මස 26 වැනිදා ජාතිය අමතන බවද කරුණානායක මහතා කීය.

ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට දැනුම්වත් කරන බවද කරුණානායක මහතා සඳහන් කළේය.

රට දැන් බංකොලොත් භාවයෙන් එළියට පැමිණ තිබෙන බව සියලු දෙනාටම පැහැදිලි බවත් ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කරන්න අවස්ථාව උදා වී තිබෙන්නේ යැයිද එජාප ජාතික ලේකම්වරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *