රනිල් කලඹන රටම සනසන මාලීමාව ගැන බුද්ධි අංශත් අවදානයෙන්

Ratama kalambana malimawa

එළඹෙන අගෝස්තු මාසයේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ මෙහෙයුම තවදුරටත් සක්‍රීය කිරීමට සුදානමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ මේ වන විට මාළිමාට වටා ඒකරාශි වී සිටින ජනතාව පාරට ගෙන්වා රට පුරා ජයග්‍රාහී මානසිකත්වයක් හදා ඡන්ද දායකයින් ද ග්‍රහණය කර ගැනීම ජාතික ජන බලවේගයේ සැලසුම වී ඇති බවයි.

මේ පිළිබඳ ඉහළම නායකයින් අතර දැඩි අවධානයක් යොමු වී ඇති අතර තවදුරටත් අවධානයෙන් සිටින ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි අවාසිදායක දේශපාලන වටපිටාවක ජනාධිපතිවරණය පවත්වයි ද හෝ රනිල් වික්‍රම සිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද යන්න පිළිබඳ දැඩි සැකයක් පවතින බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *