සම්පන්තන් මෙලොවින් සමුගෙන එලොවට සම්බන්ධ වේ

sambandan

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්පන්තන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද දින දැනුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *