හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ගොනු කළ නඩුව ඒක පාර්ශිකව විභාග කිරීමට කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද තීරණය කළේය.
මෛත්රීපාල ල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව ඒකපාර්ශික වූ විභාගයට ගැනීමට තීරණය කෙරිණි.
සිරිසේන මහතා විසින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ඉසිලීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති අතර සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක්ද අධිකරණය නිකුත් කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්ර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම අතුරු තහනම නිකුත් කර ඇත.