පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කුත් කළේය.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට ඇත.