කෙහෙළිය බෙහෙත් හදලා තියෙන්නේ පලතුරු මැෂින් වලිනුයි, කිරි හදන මැෂින් වලිනුයි.

කෙහෙළිය බෙහෙත් හදලා තියෙන්නේ පලතුරු මැෂින් වලිනුයි, කිරි හදන මැෂින් වලිනුයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලය තුලදී මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදනය සහ කිරි පැකට් නිෂ්පාදනය යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව හෙළිව තිබෙනවා.

අදාළ ඖෂධ නිෂ්පාදන ආයතනය කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ගෙන්වා නොමැති අතර 2017 -2021 කාලවකවානුවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි පැකට් නිෂ්පාදනය යන්ත්‍රයක් මෙන්ම කිරි ගබා කරන උපකරණ, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල බවට තහවුරු වූ ඉමියුනොග්ලොබියුලීන් නිෂ්පාදනය කරනු ලැබූ අදාළ සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදි අදාළ සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිදු පහසුකමක් නොතිබුණු බවටද සනාථ වී තිබෙන බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *