කලාප සංවිධායකවරුන් අතර අසමගිය දුර කිරීමෙන් ජයග්‍රාහනය පහසු කරගත හැක.

Range Bandara

කලාප සංවි­ධා­ය­ක­ව­රුන් අතර පව­තින සම­ගිය පක්ෂයේ අභි­වෘ­ද්ධි­යට මනා පිටි­ව­හ­ලක් වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ­ලේ­කම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මහ­ලේ­ක­ම්ව­රයා මේ බව පැවැ­සුවේ සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ පසු­ගි­යදා (02) පැවති එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­ව­රුන් වෙනු­වෙන් පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මහ­ලේ­ක­ම්ව­රයා මෙසේ ද පැවැ­සීය.

“කලාප සංවි­ධා­ය­ක­ව­රුන් අතර පව­තින සම­ගිය පක්ෂයේ අභි­වෘ­ද්ධි­යට මනා පිටි­ව­හ­ලක්. ප්‍රශ්න­ව­ලට මැදි­හත් වුව­හොත් අපේ අර­මුණ කරා යන්න බැරි වෙනවා. අපේ යන ගමන කඩා­ක­ප්පල් කරන අයගේ කුම­න්ත්‍ර­ණ­ව­ලට අහු­වෙන්න එපා. එවැනි දේව­ල්ව­ල­ටත් මැදි­හත් වෙන්න එපා. අද පත්වීම ගත් ඔබ මේ මාසයේ 12 වෙනි­දාට පෙර කඩි­න­මින් මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය ආරම්භ කළ යුතුයි. ඔබේ පත්වීම් ලිපිය සමඟ ලැබුණු ඇමු­ණු­මට අනුව සඳ­හන් කර තිබෙන නිල­ධාරී මණ්ඩ­ලය ද පත්කර ගත යුතුයි. ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට 25කට නොවැඩි කමි­ටු­වක් පත්කර ගැනී­ම­ටත් තිබෙ­නවා. ඒ කමි­ටුව පත්කර කඩි­න­මින්ම සිරි­කොත කාර්යා­ල­යට වාර්තා කළ යුතුයි. කලාප සංවි­ධා­යක පත්වීම ගත් ඔබ ඒ කාර්ය­භා­රය ඉටු නොක­රන්නේ නම් ඔබව ඒ තන­තු­රෙන් ඉවත් කිරී­මට කන­ගා­ටු­වෙන් වුවත් සිදු වෙනවා.”

ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක මහතා

“ඉදි­රිය මැති­ව­ර­ණ­ය­කට සූදා­නම් වන මොහො­තයි මේ. ඒ සඳහා කොළඹ දිස්ත්‍රි­ක්කයේ එක්සත් ජාතික පක්ෂ වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කළ යුතුයි. අද කලාප සංවි­ධා­යක ධුර භාර ගන්නා ඔබ සැමට එය ඉතා කැප­කි­රී­මෙන් කළ හැකියි. ආර්ථික අර්බු­දය පැවති අව­ස්ථාවේ එක්සත් ජාතික පක්ෂ තනි මන්ත්‍රී­ව­ර­ය­කුව සිටි රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගෙන ඒ ආර්ථි­කය අර්බු­ද­යෙන් රට මුදා­ගැ­නී­මට කට­යුතු කළා. විදෙස් ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරීම සහ ණය ගෙවීමේ සහන කාල­යක් ලබා ගැනී­මෙන් රටට ආර්ථික සහ­න­යක් දීමට කට­යුතු කළා. වර්ත­මා­නයේ ආර්ථික තත්ත්වය සැල­කි­ල්ලට ගෙන ජන­තා­වට සහන දීමට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළා. ”

එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම්, හිටපු ඇමැති රවී කරු­ණා­නා­යක මහතා

“නිර්පා­ක්ෂික ජනා­ධි­ප­ති­ව­ර­යෙක් ලෙස වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න තව දින සීයක් තියෙ­න­වායි කියලා තමා අපි ගණන් හදලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් අපි පෙර­ළි­යක් කර සෙසු පක්ෂත් එක්ක එකතු වෙලා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔහුට විජ­ය­ග්‍ර­හ­ණ­යක් අත්පත් කර දෙන්න කට­යුතු කළ යුතුයි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට විප­ක්ෂ­යෙන් කවුරු ඉදි­රි­පත් වුණත් රට අර්බු­ද­ය­කට ගිය වෙලාවේ ඒ අභි­යෝ­ග­යක භාර ගත්තේ වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා පම­ණයි. අපට එදා ස්විච් එක දැම්මාම විදුලි බලය තිබුණේ නෑ. පවුලේ එක් කෙනෙක් ඉන්ධන පෝලිමේ අනිත් කෙනා ගෑස් පෝලිමේ හිටියා. පාසල් යන්න විදි­හක් තිබුණේ නෑ. අවශ්‍ය ඖෂධ තිබුණේ නෑ. නමුත් ජනා­ධි­ප­ති­ව­රයා දේශ­පා­ල­නය පැත්ත­කින් තියලා මේ රට ගොඩ­ගත් නිසා අද රටේ දේශ­පා­ල­න­යත් උඩු යටි­කුරු වෙලා තිබෙ­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *