එළැඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟ කොළඹ වරාය ද කඩිනමින් හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව ලබන 2025 වසර වනවිට මේ සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය සියලු පියවර ගැනීමට සැලසුම් කර ඇත.
හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලෝකයේ ප්‍රධාන රටක් වන චීන රජය කොළඹ වරාය සඳහා අදාළ තාක්ෂණය දීමට සිය කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වොන්ග් ෂියාඕ ජී මහතා ඇතුළු නියෝජිත පිරිසක්, වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මේ සාකච්ඡාවේදී දෙපාර්ශ්වය විසින් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ දෙරටට බලපාන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, නාවික භාණ්ඩ සහ බහාලුම් ප්‍රති අපනයනය කිරීමට කොළඹ වරාය වැඩි වශයෙන් පරිහරණය කිරීමට ද කැමැත්ත පළ කර තිබේ.
මෙහිදී නිබඳව ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ විශේෂයෙන් නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රයේ කටයුතු සඳහා දෙන සහාය පිළිබඳව චීන රජයට සිය කෘතඥතාව පළ කර ඇත.
මේ සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළුව වරාය අධිකාරියේ නිලධාරීහු සහභාගී වූහ.