දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
පාසල් වලට සිසුන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබෙන බවය හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ඇතැම් පාසල් වල සිටින බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භ කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීවයි ගුරු විදුහල්පතිවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරනවා.