ගවයින් බැදි තවලමෙන් දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන එයි.

thawalame banda wee sahal ragenayama

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.

අතිතයේ මං මාවත් දියුණු වී නොතිබුණු යුගයේ කතරගම දෙවියන්ට අයත් බුත්තල පැලවත්ත දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණියේ ගවයින් බැදි තවලම් මගිනි.

මෙයට වසර 2200 කට ඉහත දි මේ රට එක්සේසත් කල දුටුගැමුණු රජතුමා විසින් නියම කල රජ අණ පරිදි සෑම වසරකදීම දෙවියන් ගේ වෙලේ වී සහල් මෙලෙස රැගෙන ඒම සිදුවේ.

බුත්තල , ගොනගංආර, වල්ලිඅම්මාර, යාල අංක 02 කලාපය, ගල්ගේ මාර්ගය ඔස්සේ පුරා දින 02 ක කාලයක් ගෙවා මෙම තවලම් මගින් වී සහල් රැගෙන ඒම සිදුවෙයි.

මෙසේ රැගෙන එන වී සහල් කතරගම දේවාලයේ මහා බෙත්මේ ලේකම් දයානන්ද අදිකාරම් මහතා විසින් දෙවියන්ගේ දානයට කොටස් වෙන්කර දේවාලයේ රාජකීය පිරිස් වෙත ලබාදිමට ක්‍රියා කරයි.

මෙම වී සහල් ආලාත්ති අම්මා මගින් මෝල් ගස්වලින් කොටා දෙවියන්ගේ දානයට තැබිමට කපුමහතුන් ක්‍රියා කරයි.

මෙසේ පැමිණෙන ගවයින් ඇසළ මංගල්‍යය සමයෙහි දේවාල භුමියේ සැරිසරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *