ගන්දර ධීවර වරායේ වැඩකටයුතු මේ වසරේ අවසන් කර ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සලසන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
ඇමති ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පැවසුවේ පසුගියදා (29) ගන්දර ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයකට එක්වෙමිනි.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසීය.
අදියර කීපයකින් යුතු මෙම ධීවර වරාය ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී තිබෙනවා. මෙම වසර අවසන් වන විට ගන්දර ධීවර වරායේ නව පහසුකම් ධීවරයන් වෙනුවෙන් විවෘත කරනවා.
දකුණු පළාතේ ධීවර වරායන් අතර ප්‍රධානතම ධීවර වරායක් වන ගන්දර ධීවර වරාය නවීකරණය කොට සංවර්ධනය කිරීම මීට වසර 03කට පෙර ආරම්භ කළ නමුත් පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හේතු කොටගෙන එය අඩපණ වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගැනීමෙන් පසු මේ රටේ ඇති වූ ආර්ථික සංවර්ධනයත් සමඟ මෙම ධීවර වරාය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ වුණා. දැනට එහි වැඩ කටයුතු බොහෝමයක් අවසාන වී තිබෙනවා. පළමුවැනි අදියරේ වැඩ කටයුතු තව මාස දෙක තුනකින් අවසන් කොට ධීවරයින්ට මුහුදු යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා.
මෙහි ඉදිරි අදියර ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපතිවරයා ලබා දී තිබෙනවා. ඉතා ඉක්මනින්ම මෙම වරායේ වැඩ කටයුතු අවසන් කොට ප්‍රදේශයේ ධීවර ජනතාවට විශාල සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදා කරනවා.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර-
දකුණු පළාතේ විශාලතම ඉදිකිරීමක් වන මෙම ධීවර වරාය ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු මුදල් අමාත්‍යාංශයටත්, ධීවර අමාත්‍යාංශයටත් බලවත් ලෙස ස්තූතිවන්ත වෙනවා. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ දැඩි උනන්දුව මත මෙම කටයුතු ඉතා ඉක්මනින් සිදු කිරීම පිළිබඳව ස්තූතිවන්ත ෙවනවා.
නිල්වැල්ල, සුදුවැල්ල, ගාල්ල ඇතුළු ධීවර වරායන්ද ධීවර ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ඒවායේ සියළු අඩුපාඩුකම් සපුරාලන ලෙස ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට සහ ධීවර වරාය සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.