තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මවුපියන්ගෙන් මුදල් අය කර ගැනීම නැවැත්විය යුතුය යන ඉල්ලීම් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොටුව දුම්රියපොළ අසල ගුරුවරුන් සහ විදුහල්පතිවරු ඊයේ (26) විරෝධතාවයක් පැවැත්වූහ.
එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණි.
එම නියෝගය නොතකා විරෝධතාවයේ නිරතව සිටි ගුරු විදුහල්පතිවරුන් මුදල් අමාත්‍යාංශය දෙසට පැමිණීමට උත්සාහ ගනිද්දී පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.
කොටුව දුම්රියපොළ, ලෝටස් වටරවුම, ලේක්හවුස් වටරවුම ප්‍රදේශ මුල්කර ගනිමින් විරෝධතාව පැවැත්වීම හේතුවෙන් පැය ගණනක් තිස්සේ මාර්ග අවහිර වීමෙන් එහි ගමන් ගත් ජනතාව දැඩි අසීරුතාවයකට පත් වූ අතර, පාසල් සඳහා පැමිණි දරුවෝද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.