නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය
ඒ මහතා එසේ පැවසූවේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා ද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි .
එහිදී පොදු ජන එක්සත් පෙරමුණ තවමත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු තෝරා ගෙන නොමැති බව ද පැවසීය .
මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බෙයිජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට ” සහභාගී වීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ මෙලෙස අදහස් දැක්වීය .
මෙම සංවත්සර උළෙල 06/28 දින චීනයේ බෙයිජිං නුවර මහජන ශාලාවේ පවත්වා තිබුණි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී මැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් , එම සාකච්ඡා සාර්ථක බවත් චීන රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත් යහපත් ස්ථාවරයක පසු වන බවත් පැවසීය .