බ්‍රිතාන්‍යය මහමැතිවරණයෙන් කම්කරු පක්ෂය දිනුම්

British genaral election

ඊයේ (04) පැවති බ්‍රිතාන්‍යය මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවති. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර මැතිවරණයෙන් වසර 14කට පසු කම්කරු පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ. ඡන්ද විමසීමේදී විපක්ෂ නායක කෙයිර් ස්ටාමර් නියෝජනය කළ කම්කරු පක්ෂය ආසන 410ක් ලබාගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ලබාගැනීමට හැකිවී ඇත්තේ ආසන 131ක් පමණි. ඒ අනුව 61 හැවිරිදි කම්කරු පක්ෂ නායක කෙයිර් ස්ටාමර් නව අග්‍රාමාත්‍ය වරයා වනු ඇත.

2020 වසරේදී ජෙරමි කෝබින්ගෙන් පසු ඔහු පක්ෂ නායකත්වයට පත් කෙරුණි. කෙයිර් ස්ටාමර්, බ්‍රිතාන්‍ය රාජකීය විමර්ශන සේවයේ ප්‍රධානියා සහ මහජන විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරය දරා තිබේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 61කි..

මෙම මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනෙන අතර, අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට විපක්ෂ නායක ධුරය හිමිවනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *