AI ධම්මික මහතාට කොකා පෙන්නා.අප්පච්චි රනිල් වික්‍රමසිංහ සමඟ නිදිවදී.

AI ධම්මික මහතාට කොකා පෙන්නා.අප්පච්චි රනිල් වික්_රමසිංහ සමඟ නිදිවදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිනියගේ දියණිය පවා ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීමද විශේෂත්වයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය හෙයින් එයට සියලුම දෙනා එකග විය යුතු බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *