ලබන සිකුරාදාට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනවා – මැතිවරණ කොමිසම

Election-Commission

ලබන සිකුරාදාට (26) පෙර ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නාමයෝජනා කැඳවන දිනය සහ මැතිවරණය පැවැත්වෙන් දිනය එදිනට ප්‍රකාශ කිරිමට නියමිතය.

ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කර දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා කැඳවිය යුතු බවත් නාමයෝජනා කැඳවා සති 04ත් 06ත් අතර දිනයකදී ඡන්ද පැවැත්විය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක පවසයි.

මේ වනවිට ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශ නිලධාරීන්, ආරක්ෂාව සැපයීම වෙනුවෙන් පොලිස්පති සහ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිනි සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් මැතිවරණය පැවැත්වීමට කොමිසමටසහයෝගය ලබාදීමට එකඟ වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මැතිකරණ ක්ෂේත්‍රයේ රාජකාරිවල නියුතු ප්‍රවීණයන් පවසන්නේ බොහෝ දුරට අගෝස්තු 16 වනදා නාමයෝජනා බාරගෙන සැප්තැම්බර් 28 වනදා මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *