දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ සිටියා.
උතුරේ ජනයාගේ අහිංසක බලාපොරොත්තු ඡන්ද ගුණ්ඩු කරගැනීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් මින් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස විසින් මෙවැනි සිහින පෙන්නා සිය මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම පරාජයේ පිඹුරු පත් තැබීමක් බවත් නාමල් රාජපක්ෂ විසින් ප්‍රකාශ කර සිටියා. උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය ඇති වීමට මූලික පදනම දමන ලද්දේ සජිත් ප්‍රේමදාසගේ පියා බවත් , එසේ ඇති කරන ලද තිස් අවුරුදු යුද්දය නිමා කරන ලද්දේ, තමාගේ පියා වන මහින්ද රාජපක්ෂ බවත්,සජිත් ප්‍රේමදාස මහතාට මෙහිදි නාමල් රාජපක්ෂ මහතා විසින් උපහාසාත්මතක අවදාරණය කලා.