රාජකීය උත්සව විතරක් නෙවෙයි සතුටු වෙන හැම මොහොතකදීම විලියම් කුමරු ළඟ කේට් කුමරිය හිටියා.. ඒත් දැන් එදා වගේ නෙවෙයි..
ඇයගේ අසනීප තත්ව එක්ක කේට් කුමරියට දැන් ඉස්සර වගේ මේ අව එක්ක එකතු වෙලා සතුටු වෙන්න අවසථාවක් නැහැ..
මේ කියන්න යන්නේ මීට දින කිහිපයකට ඉහතදී සිදුවුණ අපූරු සිදුවීමක් ගැන කතාවක්..
විලියම් – කේට් යුවල ගැන බොහෝ දෙනා කතා වෙනවා.. මේ දිනවල කේට් කුමරිය පෙළෙන අසනීප තත්වයත් ඒකට එක හේතුවක්.. කොහොම වුණත් මේ කියන්න යන්නේ ඒ අසනීපය ගැන නම් කතාවක් නෙවෙයි..
ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටයිලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් නැරඹීමට විලියම් කුමරු ගොස් තිබුනා.. ලන්ඩන් නුවර පැවැත් වුණු මේ අපූරු ප්‍රසංගය නරඹන්න ඔහු ගිහින් තිබුණේ තනියම නම් නෙවෙයි..
විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගොස් තිබුණා..
කොහොම වුණත් පසුගිය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු ඔහුගේ 42 වැනි උපන් දිනය දවසේ තමයි විලියම් කුමරු මේ ගමන ගිහින් තිබුණේ.. වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටයිලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැහැ