යටියන්තොට පැලැල්ලේගම ප්රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙයි.
පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි.
ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පොලීසිය සඳහන් කළේ එලෙස ඇති වූ ගින්නෙන් වතු නිවාස 03කට හානි සිදුවී ඇති බවයි.