වෙඩින් එක මෙහෙම නම් මධු සමය කොහොම වෙයිද – අම්බානීලාගේ අම්බානක මගුල් කෑම

වෙඩින් එක මෙහෙම නම් මධු සමය කොහොම වෙයිද - අම්බානීලාගේ අම්බානක මගුල් කෑම

ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක් (ඉන්දීය රුපියල් කෝටි 2673ක් සහ ශ්‍රී ලංකා රුපියල් කෝටි 9682ක්) වැය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති මේ සුපිරි විවාහයට අමතරව මාස 7ක් පුරා අනන්ට් අම්බානි සහ බිරිය රාධිකා මර්චන්ට්ගේ විවාහ ගිවිස ගැනීම, විවිධ උත්සව සහ පෙර මඟුල ඇතුළුව සියලු කටයුතු සඳහා වැය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 600කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18,000ක්) වැඩි බව ද වාර්තා වේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රජයේ මැති ඇමැතිවරු, ප්‍රාන්ත මහ ඇමැතිවරු සමඟ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු නිළියන් සහභාගි වන අම්බානි පවුලේ විවාහ උත්සවයට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන් සහ ටෝනි බ්ලෙයාර්, අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව හා රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන්, අමෙරිකාවේ සුප්‍රකට නිළියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට කිම් කාඩිෂන්, හිටපු හෙවිවේට් බොක්සිං ශූරයා මයික් ටයිසන්, මල්ලවපොර ශූර ජෝන් සීනා, බ්‍රිතාන්‍යයේ හිටපු සුපිරි පාපන්දු තරුව ඩේවිඩ් බෙකම් සහ ලෝක ප්‍රකට බටහිර ගායිකා අඩේල් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් රැසක් මේ අතිඋත්කර්ෂවත් ලෙස පැවැති අම්බානි පවුලේ විවාහයට සහභාගි වී ඇති අතර, අමුත්තන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා අම්බානි ගුවන් යානා 100ක් කුලියට ගත් බව ද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *