තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් එක් නිවසකින් හටගත් ගිනි ගැනීමක් මෙසේ පැතිරී ගොස් අනෙක් නිවාසද ගිනි ගැනීමට ලක්ව ඇති බව ලිඳුල පොලිස් ස්ථානාධිපති සිසිර කුමාර මහතා පැවැසීය.
එම නිවාස පේලීයේ වතු නිවාස 24 පවතින අතර, අනෙකුත් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැක්වීම සඳහා වතු කම්කරුවන් හා පොලීසිය එක්ව පැය දෙකක පමණ කාලයක් දැඩි වෙහෙසක් ගෙන ගින්න පාලනය කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැළැකී ගොස් තිබිණි.