11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙක් ගැන මේ අසන්නට ලැබෙන්නේ ඒ තරම් හොඳ ආරංචියක් නෙවෙයි..
තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායෙන් මේ කතාව ඇසුණා..
එම වතුයායේ ලුසා කොටසේ පදිංචි පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) දින සිට අතුරුදන් ව ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා…
මෙසේ අතුරුදන් වී ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි එම වතුයායේ දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අවු 16 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු සහ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක්..
අතුරුදන් වී ඇති පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ඉකුත් (14) දින පාසල් නිම වි නිවස කරා පැමිණ ආපසු බාහිර පන්තියකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඔවුන් නැවත නිවසට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ..
තලවකැලේ පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අතුරුදන් ව ඇති සිසුවියන් තිදෙනා සහ සිසුවා ඥාතින් වන අතර අතුරුදන් වී ඇති ළමුන් සොයා කණ්ඩායම් වශයෙන් මෙහෙයුම් දියත් කර ඇති බවයි..