ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පසුගිය 26වනදා පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පවුල් ආරවුලක් මත සිය බිරිඳට පිහි පාරවල් කිහිපයක් එල්ල කළ සැමියා පසුව ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබෙන බව ඉතාලියේ කැරිබියානු පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
ලේ ගලන තුවාල සහිතව ශ්‍රී ලාංකික කාන්තාවක ආධාර ඉල්ලා කෑ ගසමින් මාවතක් දිගේ දිව යන අයුරු දුටු ඉතාලි ජාතිකයන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇය එරට ක්‍රියාත්මක 118 ගිලන් රථ සේවය මගින් රෝහල් ගත කර තිබෙනවා.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ කාන්තාව මේවන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙම ශ්‍රී ලාංකික අඹුසැමි යුවළ කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිට තිබෙනවා.
මොවුන් දෙපළට දරුවන් දෙදෙනෙක් සිටින බවද වාර්තා වෙනවා.