නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් 99 අවුරුදු බදු ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට කූඨ ලෙස පවරාදීමෙන් අතිවිශාල මූල්‍ය අරපරාධයක් සිදු කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සොයාගෙන ඇත.
මෙහි විශේෂත්වයක් වන්නේ මෙම කාරක සභාව විපක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුත් නොමැතිව පවත්වාගෙන යන අතර එයට පත් කරන ලද සභාපති රෝහිත අබේගුණවර්ධනට විරෝධය පා ඔවූහු ඉල්ලා අස්වූහ. 2019 වර්ශයේදී මෙම පවරා දීම සිදු කර ඇති බව විගණන වාර්තා අනුව හෙළි වී තිබෙන අතර ඒ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවති ආණ්ඩුව සමයේදීය.
කොළඹ 02 ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අක්කර 06ක මෙම ඉඩම පෞද්ගලික අංශයට දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව බව අනාවරණය වී ඇත. වසර 99ක් වෙනුවෙන් එය බදු දී ඇත්තේ රුපියල් කෝටි 1,200කටය.