ලංකාවේ අපි කා අතරත් නොමැකෙන චරිතයක්..
කළු වෙළඹ නමින් ලෝකය හමුවේ නම පටබැදෙන්නටත් ඒ යකඩ ගැහැනිය වන්නේද ඇයයි..
සුසන්තිකා ජයසිංහ.. ඒ නම අමතක කාටද..?
එදා මෙදා තුළ ලංකා මාතාව රනින් බැබැළවූ ඇය කොහොමත් ශක්තිමත් කාන්තාවක්..
ඉතින් ඇයට ශක්තිය දුන් ඒ ආදරණීය මෑණියන් ගැන ඇසෙන කනගාටුදායක පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ.. ලොවට අභිමානයක්වු දිරිය දියණියක් මෙලොවට බිහිකළ ඒ රත්තරන් මෑණියන් අද ජීවන ගමනට සමුදී තිබෙනවා..
ගැහැනියකට කළ නොහැකි කිසිවක් නැහැයන අදිශ්ධානය ඇයට ලබා දෙන්න මේ අම්මා මොන තරම් නම් සවියක් වෙන්නට ඇතිද..?