පාසල් දේශකයාට ඇමති අමරවීරගෙන් සැර ප්‍රකාශයක්

pasal-deshakayata-amathi

පසුගිය කාලයේදී මේ රටේ මිනිසුන් දුක් විඳින අන්දම පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ‍ රටට ඩොලර් එවන්නට එපා යැයි ජවිපෙ නායකයන් ප්‍රකාශ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP ව්‍යාපෘතිය) යටතේ කෘෂි ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහනක් අඟුණකොළපැලැස්සේදී පෙරේදා (21) පැවැති අවස්ථාවේදීය.

මෙහිදී තරුණ ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රතිලාභීන් 79කට ණය මුදල් පිරිනැමීම ද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අපි දන්නවා මීට වසර දෙකකට පෙර රටේ පැවැති තත්ත්වය. රටේ ඉන්ධන, ගෑස්, බෙහෙත් තිබුණේ නෑ. දරුවන්ට දෙන්න කිරිපිටි ටිකක් ගන්න වත්කමක් රටට තිබුණේ නෑ. විදේශ විනිමය නැති නිසා වරායට ආ තෙල් සහ ගෑස් නැව් ආපහු හරවා යවන්න සිදු වුණා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට කිව්වා මේ රටට ඩොලර් එවන්න එපා, අපි බලයට ආවහම ඩොලර් එවන්න කියලා.

අද මේ ආණ්ඩුව රටේ ඉදිරි ගමන වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. නමුත් බොහෝ අය කරන්නේ රට ගොඩනඟන වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් නොකර රජය විවේචනය කිරීම පමණයි. අද මේ රටට ඇති තරම් විවේචකයන් හිටියත්, වැඩ කරන්න මිනිස්සු හිඟයි.

එක් කෙනෙක් ඉස්කෝලවලට ගිහින් පාසල් දරුවන්ට දේශන තියනවා. තව කෙනෙක් පිටරටවලට ගිහින් දේශන කරනවා. මං හිතන්නේ ඒ අය ඡන්ද දිනන්න ලෑස්ති වෙන්නේ සුද්දන්ගේ ඡන්දෙන් වෙන්න ඇති. අපේ රට අද පවතින තත්ත්වයට ඇද දැමීම ගැන බොහෝ දෙනෙක් දේශපාලනඥයන්ට දෝෂාරෝපණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *