කුලී ත්රීරෝද රථ ගාලක ඇතිව තිබූ පරණ අමනාපයක් මත පොලිස්පති අණදෙන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකුට බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු පහරදී ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධව පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නියුතු කොස්තාපල්වරයකු නිවාඩු ලබා බදුල්ල ප්රදේශයේ සිය නිවෙසට පැමිණ තිබූ අතර ඔහු සිය මස්සිනා සමග ත්රිරෝද රථයකින් වැලිකේමුල්ල ප්රදේශයේ දියනෑමට ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේදී බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු කොස්තාපල්වරයාට පහරදී ඇති බව පොලිසිය සදහන් කරයි.
පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව බදුල්ල පොලිසිය පවසයි.