කුරුණෑගල ප්‍රදේශයට ඊයේ (24) රාත්‍රී හමා ගිය තද සුළඟ හේතුවෙන් නිවාස 40 කට පමණ හානි සිදු වී තිබෙයි.
කුරුණෑගල මස් පොත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිඩපොළ , හෙට්ටි ගෙදර , රන් කොත් සෙවන , රත්කරව්ව යන ගම්මානවල ගස් කඩා වැටීමෙන් මෙලෙස හානියට ලක් වී ඇත .
අපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ , පැවති අධික සුළඟින් කිසිදු ජීවිත හානියක් සිදුවී නැති අතර, දේපළ හානි පමණක් සිදුවී ඇති බවයි.
අද පෙරවරුවේ ආරක්ෂක අංශ නිළධාරීන්ගෙ සහයෝගය ඇතිව කඩා වැටුණ ගස් කපා ඉවත් කිරීම සිදු කර තිබිණි.