ළිඳකට වැටුණ පහේ දැරිය

ළිඳකට වැටුණ පහේ දැරිය

රුවන්වැල්ල පොලිස් වසමට අයත් කිරිපෝරුව වත්තෙහි ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 5 ක පමණ ගැහැණු දරුවෙකු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.

සිය මව වන පී.නිරෝෂා වන සමඟ මෙම දැරිය ළිඳට වැටී තිබෙයි.

මෙහිදී එම දරුවා මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ එම වත්තේ පදිංචි දෙව්මිනි අමාෂා යන පෙර පාසල් දරුවෙකි.

මෙම දරුවාගේ මව කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

දරුවාගේ දේහයේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරවනැල්ල රෝහලට ගෙනගොස් ඇත.

රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *