යාපනය – මහනුවර ඒ – 9 මාර්ගයේ මාන්කුලම පනිච්චකුලම් ප්‍රදේශයේ දී ඊයේ (26) අලුයම සිදු වූ බස් රථ – ලොරි අනතුරකින් පුද්ගලයන් තුන්දෙෙනකු මියගොස් තවත් හතර දෙෙනකු තුවාල ලබා තිබේ.
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථයක් අනතුර සිදු වූ ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
බස් රථයේ රියැදුරු හා තවත් කිහිප දෙනකු බස් රථයෙන් බිමට බැස එය අලුත්වැඩියා කරමින් සිටිය දී බස් රථයට පිටුපසින් අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.
ලොරිය බස් රථයේ ගැටීමත් සමඟම බස් රථය ඉදිරියට ගමන් කොට ඇති අතර ඊට රියැදුරු හා තවත් පිරිසක් යට වී තිබේ. තුවාලකරුවන් අසල්වාසීන් හා මාර්ගයේ ගමන් කළ පිරිස විසින් මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇතත් එහි දී රියැදුරු හා බස් රථයයේ ගමන් කළ යාපනයේ වැසියකු සහ බසය අලුත්වැඩියාවට උදව් කළ අයකු වශයෙන් තුන් දෙෙනකු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මියගිය අය බස් රථයට හා ලොරියට යටවීම හා තද වීම නිසා ඔවුන්ගේ සිරුරු කැබලි බවට පත්ව තිබුණි.
ඉතිරි තුවාලකරුවන් හතර දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව මාන්කුලම රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ. මාන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.