කෙස් ගහෙන් මිස් උන මස් කැපිල්ල

Market

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී තියුනු ආයුධය සහ, මත් පෙති දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී මහරගම දෙහිවල පාරේ සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල පුද්ගලයකු තවත් පුද්ගලයෙකුට ඉවක් බවක් නොමැතිව තියුණු ආයුධයකින් අනින අයුරු හා එය වැළැක්වීමට කිසිවකු හෝ උත්සාහ නොදරා ඈත සිට නරඹමින් සිටින අයුරු නෙත ගැටී ඇතැයි පොලිසිය කියයි.

වාහනයේ ඉදිරිපස අසුනේ සිටි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි එස් එච් පිරිස් මහතා රියදුරු අමතා වාහනය වහා නතර කරන ලෙස පවසා සෙසු නිලධාරීන් සමග ක්ෂණිකින් එම ස්ථානයට කඩා වැදී පිහිය අමෝරාගෙන ලේ විලක් මැද බිම වැටී සිටි පුද්ගලයාට අනින පුද්ගලයාව මෙල්ල කර ඔහු සතුව තිබූ ලේ තැවරුණු තියුණු ආයුධය සිය භාරයට ගෙන ඔහු මෙල්ල කිරීමට සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *