ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අයුරින් අද (6) ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.
මෙවර නැකැත් උදා වී ඇති ආකාරය අනුව දින 16ක් පුරා පෙරහර පැවැත්වීම විශේෂ සිදුවීමක් බවද හෙතෙම සඳහන් කළේය. ලබන 22 දා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇති අතර, අලි ඇතුන් 30 ක් පමණද, උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තන කණ්ඩායම් රැසක්ද යොදවා මෙවර පෙරහර මංගල්‍යය වර්ණවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රකාශ කළේය.