මහමග යන විට සිදුවන අනතුරු වලක්වා ගන්න විමසිලිමත්ව කටයුතු කරන්න කියන එක ඇත්තටම නිතර දෙවේලේ අහන්න ලැබෙන දෙයක්..
ඒත් අපේ රටේ අනතුරු සිදුවන ප්රවණතාවය අද වෙනකොට එන්න එන්නම වැඩි වෙලා.. මේ කියන්න යන්නේ ඒ වගේ අනතුරකට පස්සේ වුණ තවත් ඛේදනීය සිදුවීමක් ගැන කතාවක්..
යාපනයේ කීරමලෙයි ප්රදේශයේදී ඊයේ කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවකු අනතුරකට පත්කළ තරුණයින් දෙදෙනෙකු පසුව ඔවුන්ට පොලුවලින් පහර දී පලා ගොස් තිබෙනවා…
කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් අධික වේගයෙන් තවත් යතුරු පැදියක පැමිණි තරුණයින් දෙදෙනෙකු කාන්තාව පදවා ගෙන ගිය යතුරු පැදියේ පිටුපසින් ගැටී ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..
මේ අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනා හා කුඩා දරුවා යතුරු පැදියෙන් බිමට වැටී තිබෙනවා..
අනතුරින් තරුණයින් දෙදෙනා ගමන් කළ යතුරු පැදියද පෙරලී ගොස් තිබෙනවා..
පසුව, එම තරුණයින් දෙදෙනා ඉවක් බවක් නොමැතිව කාන්තාවන් දෙදෙනාට අතින් පයින් හා පොල්ලකින් පහර දී ඇති බවද අප වාර්තාකරු සඳහන් කළේ..
පහර දීමෙන් කාන්තාවන් දෙදෙනා සහ කුඩා දරුවා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා