දෙයියනේ මොකද්ද මේ රටට වෙන්නේ. අත්තන ඇට කන්න තරං ඒ ළමයි…….

aththana ata ka sisun

දිඹු­ලා­ගල අධ්‍යා­පන කලා­ප­යට අයත්, වැලි­කන්ද අසේ­ල­පුර මහා විද්‍යා­ලයේ සිසු­වි­යක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යා­ලයේ සිසුන් හත් දෙනකු ප්‍රති­කාර සඳහා ඊයේ (5) දහ­වල් වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව වැලි­කන්ද පොලි­සිය කියයි.

අත්තන ඇට කෑමෙන් පසු ශරී­ර­යට විෂ වූ පිරිමි ළම­යින් සිව් දෙනකු සහ ගැහැනු ළම­යින් තිදෙ­නකු වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ඔවුන් වැඩි­දුර ප්‍රති­කාර සඳහා පොලො­න්න­රුව මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව රෝහලේ ප්‍රකා­ශ­ක­යෙක් අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

ඊයේ (5) උදෑ­සන 9 ශ්‍රේණියේ සිසු­වි­යක අත්තන ඇට පාස­ලට ගෙන­විත් ඇය යහ­ළු­වන්ට කෑම සඳහා එම ඇට දී ඇති බවට අනා­ව­ර­ණය වී ඇති බව පොලි­සිය කියයි. මෙලෙස රෝහ­ල්ගත කර ඇත්තේ අසේ­ල­පුර මහා විද්‍යා­ලයේ 9, 10, 11 හා 12 ශ්‍රේණි­වල ඉගෙ­නුම ලබන සිසුහු හත්දෙ­නකි. මේ සිසුන්ගේ තත්ත්වය එත­රම් බර­ප­තළ නොවන බවද පොපො­න්න­රුව රෝහලේ ප්‍රකා­ශ­ක­යෙක් අප කළ විම­සී­ම­කදී පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *