හික්කඩුව, වැල්ලවත්ත, තොටගමුව පාළම අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවත් එක් පාසල් සිසුවකු අතුරුදන් වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
අතුරුදන් වි ඇත්තේ 16 හැවිරිදිවියේ පසුවන කරන්දෙණිය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන , ඉගල්කන්ද, ඇල්පිටිය ප්‍ර දේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
එකම පංතියේ ඉගෙනුම ලබන පාසල් සිසුන් නව දෙනෙකු දෙමව්පියන්ට නොදන්වා ඇසළ පුන්පෝය යෙදි තිබු ඊයේ දින දිය නෑම සදහා මෙම වෙරළ තිරයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.