ජාත්‍යන්තර චෙස් ශූරතාවලි දෙකකට සහභාගී වී පදක්කම් දිනූ තෙහස් කිරින්ගොඩ සහ ඔෂිනි ගුණවර්ධන ඊයේ අලුයම යළි කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ..
මෙහිදී ආසියානු චෙස් සම්මේලනය මඟින් කසකස්තානයේදී පැවැත්වූ ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 10 න් පහළ බාලක තරගයට සහභාගී වූ තෙහස් කිරින්ගොඩ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබිණි.
එසේම ජාත්‍යන්තර චෙස් සම්මේලනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ජෝර්ජියාවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේදී අවුරුදු 12න් පහළ බාලිකා තරගවලට එක්ව ඔෂිනි ගුණවර්ධන ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
ඊයේ ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීමට එම පදක්කම්ලාභීන්ගේ මවුපියන්, එම සිසුන් ඉගෙනුම ලබන පාසල්වල ගුරුභවතුන් මෙන්ම ජාතික චෙස් සම්මේලනයේ නිලධාරීහු ද ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.